ආයුබෝවන් යාලුවනේ. සමාවෙන්න වැරැද්දක් උනොත්, කියලාම පටන් ගන්නම්.
මගෙ රිසර්ච් එක කරනකොට හිතේ නලියන ඒව ලියන්නයි මේක පටන් ගන්නේ. මොනවා ලියයිද දන්නැත.
මගේ මේසයේ එක එක ඒවා ලියලා මං අලවලා තියා ගන්නවා. ඒවා හිතට එන ඒවා. මං හිතුවා ඒවා මෙකෙත් ලියන්න. කමක් නැහැ නේද?
රිසර්ච් එකක් සාර්ථක වෙන්න නම් මට හිතෙනවා බුදු හාමුදුරුවො දේශනා කරපු මේ දේවල් ඕන කියලා:
1. ඡන්දය - කැමැත්ත, තමන්ගේ topic එකට තියෙන ආසාව. මැරීගෙන නිදි මරාගෙන රිසර්ච් කරන්නේ ඒකට ඒ අය කැමති නිසා නේද?
2. චිත්ත - රිසර්ච් එක ගැන නිතර නිතර මෙනෙහි කිරීම, එය තුල ජීවත් වීම.
3. විරිය - වීර්යය, never give up, fight back, උත්සාහය, ධෛර්යය, යලි යලිත් උත්සාහ කිරීම.
4. විමංසා - තමන් කරන දෙය හරි පාරේ යනවාද නැද්ද කියන එක නිතර විමසීම.
රිසර්ච් පේපර් එකක් කියවද්දී අහන්න ඕන ප්‍රශ්න කීපයක්.
1. මේ රිසර්ච් එක කරන්නට හේතු වුන (motivation) කාරණා මොනවාද?
2. රිසර්ච් එකේ සදහන් වෙන විසදුම කුමක්ද (proposed solution)?
3. මෙම විසදුම අනිකුත් ඒවා සමග සම්බන්ධ වන්නේ කවර ආකාරයෙන්ද? (relationship with other research work)
4. අදාල විෂය දැනුමට සිදුවන මෙම රිසර්ච් පේපර් එකෙන් ඉදිරිපත් වන, දායකත්වය (main contribution) එක කුමක්ද?
5. ඉදිරියට කුමක් කරන්නට පුලුවන්ද? (future work)
රිසර්ච් එකක් කරද්දි කියවන්න ඕන. මට නම් එපා වෙනවා කියවන්න ගියාම. ඒත් ඒක ඉතාම වැදගත්. පටන් ගන්නෙ කියවීමෙන්.
මේ දවස් වල මං උනන්දුවෙන් කියවන්න කරන දේවල්.
1. තෑගි ලියා ගන්නවා පේපර් එකේ විනාඩි 15ක් විතර කියවන ප්‍රමාණ වලට (ජේද දෙක තුනක් වගේ හිතමු මොහොතකට) - වතුර බොන්න, රවුමක් ඇවිදින්න (වැඩි දුර නෙමෙයි) - මේව තමයි තෑගි. ඒවා බොළද උනති, කාරණා කීපයක් සිද්ධ වෙනවා. එක දිගට පුටු රත් කරන එක නතර වෙනවා. ඇස් රිදෙන්න අල්ලන්නැහැ. තෑගි ගන්න වැඩිපුර උනන්දුවෙන් කියවනවා. ඒත් ආපහු එන්න තමන් timer එකක් තියා ගන්න ඕන. නැත්නම් වැඩ නැතිව තෑගි විතරයි :P
2. timer එකක් පාවිච්චි කරලා effectively කාර්යක්ෂම ව වැඩ කරන කාලය මනිනවා. ලියා ගන්නවා. දවසට පැය දහයක් විතර විද්‍යාගාරයේ හිටියත්, හරියට වැඩ කරල තියෙන්නෙ ඒකෙන් බාගයක්වත් නැහැ. ඉතින් දවස ගානෙ උත්සාහ ගන්නව වැඩිපුර වෙලා වැඩ කරන්න. මේක ශෝක් හැගීමක්. ඉබේම වැඩ කරන්න ආස හිතෙනවා.
3. පැන්සලෙන් වචනය හෝ දෙක හෝ පෙන්වමින්, හෙමින් හෙමින් කියවන එක- අපේ මවු බස ඉංගිරිසි නෙමෙයිනෙ යාලු, ඒක නිසා ගොඩක් වේගෙන් කියවන්න අමාරුයි. රිසර්ච් පේපර් එකක් හොදින් තේරුම් ගන්න ඕන. මේක මට නම් නියමෙටම වැඩ. වැඩි වැඩ නෑ. පොඩ්ඩ පොඩ්ඩ කියවනවා, one phrase/word at a time, little by little, inch by inch, towards the finish.